spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මල්වතුහිරිපිටියේ විහාරස්ථානයක් තුළ හිමිනමක් ඝාතනය සිද්ධියට තවත් අයෙක් අල්ලයි

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී විහාරස්ථානයක් තුළ දී වෙඩිතබා හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට ඍජුවම සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බියගම පොලිස් වසමේ මල්වාන ප්‍රදේශයේ දී ඊයේ (15) සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පසුගිය ජනවාරි 23 වනදා වෙඩිතබා පළාගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?