මල්වතුහිරිපිටියේ විහාරස්ථානයක් තුළ හිමිනමක් ඝාතනය සිද්ධියට තවත් අයෙක් අල්ලයි

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී විහාරස්ථානයක් තුළ දී වෙඩිතබා හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට ඍජුවම සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බියගම පොලිස් වසමේ මල්වාන ප්‍රදේශයේ දී ඊයේ (15) සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 23 හැවිරිදි වියේ පසුවන අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පසුගිය ජනවාරි 23 වනදා වෙඩිතබා පළාගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32