මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ : ජනපති

පස් වසරක තම ධූර කාලයෙන් ගතවී ඇති වසර දෙකක තුල කිසිදු රටකින් විදේශ ණය ලබාගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික පාසල් 1000 ක් දායාද කිරීමේ ජාතික වැඩසටහන සදහා අද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

තම ධූර කාලය තුළ ගොවි ජනතාවට නොමිලේ කාබනික පොහොර බෙදා දෙමින් අනුරාධපුර , පොළොන්නරුව ආදි ප්‍රදේශවල පැතුරගොස් තිබු පිළිකා වැනි දරුණු රෝග සම්බන්ධයෙන් තිත තැබීමට උත්සාහ කළ අයුරු ද ජනපතිවරයා මෙහිදි මතක් කර සිටියේය.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් කිහිපයක් ජනපති වරයා විසින් පල කරා.පවත්නා රජයේ අමාත්‍ය ධූරයක් දරමින් රජය විවේචනය කිරීම සම්බන්ධව අප්‍රසාදය පළ කල ජනාධිපතිවරයා එසේ රජය අසමත් වන්නට හේතු වන්නේ එම රජයේ අමාත්‍යධූර දරන පුද්ගලයන් රජය සමත් නොකිරීම නිසා බවද පැවසුවා.
එවැනි පුද්ගලයන් රජයෙන් ඉවත් කිරීම සුදුසු බවයි ජනපති වරයා පවසා සිටියේ.එසේම මේ වන විට බොහෝ දෙනා ඇමතිධූර ඉල්ලා සිටින බවත් එසේ සියල්ලන්ටම ඇමති ධූර ලබාදිය නොහැකි බවත් ඔහු මෙහිදී සදහන් කර සිටියා.වැඩක් කිරීමට අවශ්‍ය අයට තනතුරු තිබුනත් නොතිබුනත් එම වැඩ කොටස ඉටු කිරීමට හැකිබවත් එතුමා වැඩි දුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38