මම ආදරේ පස්සේ යන කෙනෙක් නෙවෙයි

ප්‍රවීණා කිව්වට ඇගේ සබෑ නම ඩිලුක්ෂි වීරපෙරුමයි. එසේම රංගනය තුළ බර අඩි තබමින් කෙටි කලකදි නාට්‍යය ගණනාවකට රංගනයෙන් දායක වන්නට ඇයට හැකි විය. පුංචි තිරයේ මෙන්ම සිනමාවේද තම දක්ෂතා පෙන්වමින් රංගනයේ ස්ථාවර ගමනක සුබ ලකුණු පෙන්වන රංගන ශිල්පිනියක් ලෙස ඩිලුක්ෂි හඳුන්වාදීමට හැකියි.

ඩිලුක්ෂි දැන් නිතර දකින රුවක්. කොහොමද මේ දිනවල වැඩකටයුතු ?
මේ දවස් වල ධරණී ටෙලිනාට්‍ය සමඟ තමයි වැඩ කටයුතු සිදුවෙන්නෙ සහ ලොක්කි ටෙලිනාට්‍යය බොහෝ ප්‍රතිචාර මැද අවසන් වුණා.ඒ අවසානය සමඟ අලුත් වැඩකටයුතු වලට ආරාධනා කිහිපයක්ම ලැබුණා.ඒ දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නෙ.

ලොක්කි ටෙලිනාට්‍යයේ ප්‍රවීණාට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත්ම ඉහළයි නේද? කොහොමද ඒ සතුට දැනෙන්නෙ?
ඔව්. ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මම ෆීල්ඩ් එකට එන්නෙ 2016. නමුත් මාව ජනප්‍රිය වුණේ ලොක්කි ඩ්‍රාමා එකෙ ප්‍රවීණගෙ චරිතය හරහා.

මම ගොඩක් නපුරු චරිත කළේ. ඒ චරිතවලට ගොඩක් අය බැන්නා. නමුත් ලොක්කි එකෙ ප්‍රවීණා කියන්නෙත් නපුරු චරිතයක් වුණාට කමෙන්ට්ස් වල තියනවා පළවෙනි වතාවට තමයි විලන් කෙනෙක්ට ආදරේ කළේ කියලා. ප්‍රේක්ෂකයෝ ඩ්‍රාමා එකෙ අනා කියන වචනයට තමයි ගොඩක් අය ආදරේ කළේ. පාරේ දැක්කත් අනා කියල තමයි කතා කරන්නෙ. පුදුම ආදරෙයි මේ ප්‍රවීණට. මට හිතා ගන්නත් බැහැ.

ඩිලුක්ෂිට වඩා ප්‍රවීණට ප්‍රතිචාර වැඩියිලු නේද?
මම හිතන්නෙ ඩිලුක්ෂිට වඩා ප්‍රවීණා ජනප්‍රියයි. මටත් දැන් නමක් හැදිලා තියෙන්නෙ අනා කියලා ..චූටි කියලත් කියනවා. අනික මාව දැක්කමත් මිනිස්සු ඉබේම හිනා වෙනවා.

ප්‍රවීණයි සැබෑ ජීවිතේ ඩිලුක්ෂියි අතරේ සමානකම් තියෙනවද?
අනේ ඔව්. මම සැබැ ජීවිතෙත් ගොඩක් විනෝදෙන් ඉන්න චරිතයක්.

හැමෝම කියනවා ඩිලුක්ෂිගෙ සැබෑම චරිතෙ තමයි මේ ඇවිත් තියෙන්නෙ කියලා. මම කොච්චර ප්‍රශ්නවල හිටියත් මම කැමති නැහැ වෙන කෙනෙක්ට ඒ ප්‍රශ්නය දීලා මූඩ් අවුල් කරන්න. මම ෂූටින් ගියත් එතන අයත් හිනස්සවලා තමයි ඉන්නෙ. ඒක මම එක්ක ඉන්න ගොඩක් අය දන්නවා. මම සැහැල්ලුවෙන්ම ඉන්න කැමති කෙනෙක්.

ප්‍රවීණා චරිතය නිරූපණය කරන්න ඔබට අපහසුවක් වුණේ නැහැ යනුවෙන් ඔබ කිහිප අවස්ථාවකදීම පවසා තිබුණා?
මම සාමාන්‍ය ජීවිතෙත් ප්‍රවීණට ටිකක් සමානයි. කෙනෙක්ව හිනා ගස්සනවා කියන්නෙ හරිම අමාරුයි.

මට ස්ක්‍රිප්ට් එක ලැබුණම කරන්න බැහැමයි කිව්වා. මේක ලොකු අවදානමක්. එයාලා කිව්වා නෑ ඔයාට පුළුවන් කියලා.

ප්‍රවීණා කියන චරිතය, මෙහෙමයි මම සැබෑ ජිවිතේ ජොලියෙන් හිටියට මම කතා කරන්නෙ ඒ විදියට නෙමෙයිනෙ. ඔය අනා කියන වචනේ ඒම මම ට්‍රයි කරලා බැලුවා. පළවෙනි සීන් එක කළාට පස්සෙ මම ඒ විදියට හුරු වුණා.

රංගන ශිල්පිනියක් වෙන හීනය පොඩි කාලේම තිබුණ හීනයක්ද?
රංගන ශිල්පිනියකට වඩා මට පොඩි කාලේ ඉදන්ම ආසාව තිබුණෙ නර්තන ශිල්පිනියක් වෙන්න.

මම භරත ඩිප්ලෝමා එකක් කරලා තියනවා. සබරගමු කතක් ඔක්කොම ඉගෙන ගෙන තියනවා. මම නර්තනයට ගොඩක් ආදරේ කළා. පසුව මට තේරෙන කාලය වෙනකොට ඇක්ටර්ස් කෙනෙක් වෙන්න අවශ්‍ය වුණා. මම අම්මට කිව්වා මට ඇක්ටර්ස් කෙනෙක් වෙන්න අවශ්‍යයි කියලා. කොහොමහරි අක්කි ෆීල්ඩ් එකට ආවා. මට ලේසි වුණා එයා හින්දා මේ ෆීල්ඩ් එකට එන ගමන පටන් ගන්න.

ක්ෂේත්‍රයට එන නවකයන්ට කැපිලිකෙටිලි වැඩියි කියන කතාව ඇත්තද?
ඒක ඇත්ත.ඒ දේ මටත් වුණා. ඒක සාමාන්‍යයයි. මුලදි නම් මම සෑහෙන්න වැටුණා. මොන ක්ෂේත්‍රයේ වුණත් ඒ දේවල් තියනවා. දක්ෂ නම් අනිවාර්යයෙන්ම තැන තියනවා කොහෙන්හරි. කැපිලි කෙටිලි බාර අරගෙන අපි ඉස්සරහට යන්න අවශ්‍යයි. අදටත් මට එහෙම වුණොත් දුක්වෙනවා.

කවදහරි මේ කැපිලිකෙටිලි අපිට පොසිටිව් විදියට අරන් හිනාවෙවී කතා කරන්න පුළුවන්.

ඩිලුක්ෂි ටෙලිනාට්‍යවලටම කොටුවෙයිද? සිනමාවට අවතීර්ණ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම එන්නෙ සිනමාවෙන්. මම කරපු චිත්‍රපට තුනක් තියනවා විකාශනය වෙන්න.

මම ගෝත්‍රා කියලා ෆිල්ම් එකක් කළා. එහි ප්‍රධාන චරිතය මමයි කරන්නෙ. 2017 දී මම කළා බෆලෝ ට්‍රැවල් කියලා චිත්‍රපටයක් ගාමිණී ෆොන්සේකා මහත්මයගෙ පුතාගෙ පළවෙනි අධ්‍යක්ෂණය. එහිත් ප්‍රධාන චරිතය. ඊළඟට ඉන්දියාවේ නිෂ්පාදනයක් වුණු අන්දනිමිඩම් කියලා චිත්‍රපටයට දායකත්වය ලබා දුන්නා. ලංකාවේ තමයි ඒක ෂූට් කළේ. කොවිඩ් වසංගතය නිසා තමයි තිරගත වීම් කල් ගියේ.

ඔබ වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්ද?
ඔව් මම වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්. මට එතනින් එහාට අවශ්‍ය නැහැ. මම ආදරෙයි මේ රස්සාවට. මම ආදරෙයි මේ ක්ෂේත්‍රයට. සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න මම ගොඩක් මහන්සි වෙනවා.

ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම ගෙදරින් සහයෝගයක් ලැබෙන්නෙ නැත්තම් මට මෙච්චර දුර එන්න බැහැ.

මගෙ අම්මා කොතනකවත් අපිව හිර කරන්නෙ නැහැ. අම්මා තමයි මගේ ස්ක්‍රිප්ට් එක මුලින්ම කියවන්නෙ. අම්මා අක්කා දෙන සහයෝගය මට වචන වලින් කියන්න බැහැ. තාත්තත් ගොඩක් ෆනී චරිතයක්. තුන් දෙනාගෙන්ම තුන් පැත්තකින් සහයෝගය ලබා දෙනවා. මගෙ ලොකු අම්මලා එහෙම ඔක්කොම ලොකු සපොර්ට් එකක් දෙනවා. නැදෑයෝ ඔක්කොම එහෙමයි.

ඩිලුක්ෂි දැනට ආදරය විඳින කෙනෙක්ද?

මේ මොහොතේ මට නිවෙසින් ලැබෙන ආදරය ඇති. මම පෙම්වතියෙක් වෙලා ඉදලා තියනවා; නැත්තෙ නැහැ. නමුත් මම ඒ පස්සෙ දැන් යන කෙනෙක් නෙමෙයි. මට ජීවිතේ සතුටින් ඉන්න අවශ්‍යයි. මම ඒක ගැන ලොකුවට හිතන්නෙ නැහැ. වෙලාව ආපුවම හොඳ කෙනෙක් ලැබුණොත් බලමු.

සචිනි බස්නායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11