මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න ?

අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියා. ඒතුමා මිය ගියාට පස්සේ ඒතුමගේ නෝනා ප්‍රේමදාස මහත්මියට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියා,

” මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න. අපි අපේ අම්මලා බලා ගන්නවා. සජිත් මහත්තය විපක්ෂ නායකනේ ඒතුමට වත්කමක් තියෙනවනේ. ඒතකොට ඒතුමට අම්මව බලා ගන්න බැරිද. අම්මා ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා. පුතා ආණ්ඩුව ගන්න කතා කරනවා.

ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා. රියැදුරන් තුනක් දෙනවා. තුන්දෙනාටම ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ වාහන තුනටම ආණ්ඩුවෙන් නොමිලේ තෙල් ගහලා දෙනවා. ගෙයකුත් දෙනවා. ඒ් ගෙදර වතුර, ලයිට්, ටෙලිෆෝන් බිල් සියල්ල ගෙවනවා. පුදුම ගෙවිල්ලක් ඒවා නවත්වන්න ඕනේ.

කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයාගේ වතුර බිල ඒකතුවෙලා ඇවිත් තිබුණා රුපියල් ලක්ෂ 18 යි. බීලද ? නාලද? පඩියක් ගෙව්වට කමක් නෑ. සියළු දීමනා නවත්වන්න ඕනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42