මන්නාරමේ දී මත්පෙති තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය එක්ව මන්නාරම සහ උප්පුකුලම් යන ප්‍රදේශවල ඊයේ (13) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ මත්පෙති 1472 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 සහ 29 හැවිරිදි සිලාවතුර සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.

මන්නාරම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කර එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීමට සූදානම් කළ මත්පෙති 20ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයාගෙන් අනාවරණය වූ තොරතුරු මත මන්නාරම උප්පුපකුලම් ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී නිවසක් තුළ තිබී මත්පෙති 1432ක් සහ ත්‍රීරෝද රථයක් තුළ තිබී මත්පෙති 20ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, මත්පෙති තොගය සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබෙනවා.

image 3
image 3

image 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33