මන්නාරම් දෝණියේ තෙල් සහ ගෑස්වල වටිනාකම ගැන ඇමති හෙළිකරයි..

මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (08) වැනිදා සඳහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50 ක කොටසක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක ආදායමක් රජයට අත්කරගත හැකි අතර එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න වන බව ඒ මහතා එහිදී පෙන්වාදී තිබේ.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143ක් ක්‍රියාත්මක කළ හැකි බවද වාර්තා වේ.

තෙල් හා ගෑස් ගවේශණය සඳහා තෙල් ළිං 07 ක් කැණීමේදී ඉන් එකක් සාර්ථක වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එහෙත් මෙරටදී කැණීම් සිදුකළ ළිං 04න් 03 ක්ම සාර්ථක වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39