මන්නාරමට ආ ටග් යාත්‍රාව සහ බත්තල යථා තත්වයට පත් කරන්න නාවික හමුදා සහය

කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවි ආ ටග් යාත්‍රාව සහ බත්තල යථා තත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා සහාය ලබාදී තිබෙනවා.

‘Atulya’ නැමති බත්තල රැගත් ‘Avadh’ නමැති ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව වෙත යාත්‍රා කරමින් තිබියදීයි කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව නඩුකුඩා වෙරළ ප්‍රදේශය ඊයේ පස්වරුවේ පාවී පැමිණ ඇත්තේ.

ඉන්දීය හා ඉන්දුනීසියානු ජාතික කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකුගෙන් සමන්විත එම ටග් යාත්‍රාව නිසි ක්‍රමවේදයකින් යුතුව යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විට කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදු කරමින් පවතිනවා.

නාවික හමුදාව සඳහන් කළේ ටග් යාත්‍රාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සහ බත්තල වයඹ මුහුදු ප්‍රදේශයට පාවී එන බවට, චෙන්නායි සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) මඟින්, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත පෙරේදා (06) දැනුම් දීමක් සිදු කර තිබූ බවයි.

ඒ අනුව, නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් පරිදි, නාවික හමුදාව විසින් ආපදාවට පත් ටග් යාත්‍රාවේ මෙහෙයුම් සමාගම වෙත සිද්ධිය දැනුම්දී, එම යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා එහි දේශීය නියෝජිතයා මඟින් වෙනත් ටග් යාත්‍රාවක් යොමු කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදේ පවතින රළු ස්වභාවය සහ සුළං තත්වය හමුවේ ආපදාවට පත් ටග් යාත්‍රාව සහ බත්තල, ඊයේ පස්වරුව වන මන්නාරම දකුණ නඩුකුඩා වෙරළ ප්‍රදේශයට පාවී පැමිණ තිබුණා.

එම ටග් යාත්‍රාව යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විට කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරනයෙන් සිදු කෙරෙමින් පවතිනවා.

මෙම ටග් යාත්‍රාවේ කාර්යය මණ්ඩලය වෙත අවශ්‍ය සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සූදානමින් සිටින අතර, ටග් යාත්‍රාව සහ බත්තල මේ වන විට ස්ථානගතව ඇති වෙරළ ප්‍රදේශය පිළිබඳව ද විශේෂ අවධානයකින් කටයුතු කරනු ලබන බවයි නාවික හමුදාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42