ලංකාවේ හදපු මන්දාකිණිත් දකින්න පුළුවන් දුරේක්ෂයක්

ගැලීලියෝ පරපුරේ ගිරිඋල්ලේ පුතා

ප්‍රිය මිත්‍රවරුනි, මීරිගම – ගිරිඋල්ල අතරමැදි බිම්කඩකට ගොඩවැදී කුඩා කොලු ගැටයෙක් මුලිච්චි වීමට පෙරාතුව මට අතීත රෝම පුරවරයට ගොඩවදින්නට ඉඩදෙන්න. මම කියන්නම් කාලය… නිච්චියට ම ක්‍රි.ව. 1611.

එකලදී ජියොර්දානු බෲනෝ දරන ලද්දේ මහදුරු කොපර්නිකස් දැරූ මතය ම ය. “ඔබ කියන දේ සත්‍ය නම් සඳෙහි මෙන් ම බුධ ග්‍රහයාගේ ද පුර පක්‍ෂය හා අව පක්‍ෂය ඇතිවිය යුතුයි” යන පල්ලියේ තර්කය මත යමින් එයට පිළිවදන් ගොනු කළ නිසාම බෲනෝට රෝම ධර්මාධිකරණය ලබාදුන් දඬුවම වූයේ ඔහු පණපිටින් පුලුස්සා බස්මාවශේෂ සුළඟේ විසුරුවා හැරීමය. බෲනෝට ලබාදුන් කුරිරු දඬුවමින් වසර 10කට පසු ගැලීලියෝ ගැලිලි රළු දුරේක්‍ෂයක් නිපදවා එතෙක් දෙවියන් වෙත භාරව තිබූ පුරපක්‍ෂ – අවපක්‍ෂ ගැටලුවට විද්‍යාත්මක පිළිවදන් ගොනු කරමින් පෙන්වා දුන්නේ බෲනෝ නිවැරැදි බවය.

බෲනෝ රැගෙන ගිය මග ගැලීලියෝද රැගෙන යන්නට උත්සාහ ගත් පල්ලිය ඔහුව ධර්මාධිකරණය ඉදිරියට කැඳවීය. වර්ෂ 1610දී ගැලීලියෝ තම රළු දුරේක්‍ෂයෙන් ගුරු ග්‍රහයා නිරීක්‍ෂණය කර ගුරුට තවත් උපග්‍රහයන් ඇති බවද පෙන්වා දුන්නේය. 

දුරේක්‍ෂය යනු බැලීමට පවා නුසුදුසු අපිරිසුදු දෙයක් බවත් ඉන් පෙනෙනුයේ යක්‍ෂයා විසින් මවන ලද මායාව බවත් පල්ලියේ මතය වී තිබිණි. 

ප්‍රිය මිත්‍රවරුනි, මිනිසුන්ගේ ආත්මයන් මුදා ගැනීමේ කාර්යයෙහි නියැළුණු උන් අතට අධ්‍යාපනය පත්වීමේ ප්‍රතිඵලය… එය පුදුමාකාරය… එය විචිත්‍රය…

ගැලීලියෝ ගිය මග යමින් මීරිගම ඩී.එස්. සේනානායක මැදි විදුහලෙන් ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අප කතානායක දිනුජය චමල්ය කරුණාරත්න තාක්‍ෂණය අතින් දියුණු දුරේක්‍ෂයක් නිපදවා එය නියුටෝනියානු වර්ගයේ පරාවර්තක දුරේක්‍ෂයක් බව පෙන්වා සිටී. ඉන්ද නොනැවතී ඔහු සඳ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, ඔරායන් නිහාරිකාව, ලැගුම් නිහාරිකාව එපමණක් ද නොව ඇන්ඩේ‍රාමීඩා චක්‍රාවාටය, මීවදය, තරුපොකුර, හත්දින්නත් තරු පොකුර, ටොලමි තරු පොකුර පවා පියවි ඇසින් දැකිය හැකි මට්ටමට එම දුරේක්‍ෂය වැඩිදියුණු කර තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ මෙම දුරේක්‍ෂය ආනයනය කළ තල දර්පණ මගින් ලංකාවේදී නිපදවීමයි. 

අප කතානායක දිනුජ කරුණාරත්නගේ පියා මීරිගම ඩී.එස්. සේනානායක මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කලක් සේවය කළ ඒ.ආර්.එන්. කරුණාරත්න මහතාය. කරුණාරත්න මහතා ශ්‍රී  ලංකා ග්‍රහලෝකාගාරයේ සහාය කථිකාචාර්යවරයෙකි. ග්‍රහලෝක පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ කඳවුරු පවත්වන්නෙකි. ඒ සඳහා දිනුජගේ මෑණියන් වන ප්‍රියදර්ශනී මහත්මිය ලබාදෙන්නේද නොමඳ සහායකි. සිය ප්‍රාථමික අධ්‍යාපනය ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයෙන් ආරම්භ කළ දිනුජය උසස් අධ්‍යාපනය මීරිගම ඩී.එස්. සේනානායක මැදි විදුහලෙන් හදාරා බලාපොරොත්තු වන්නේ තම උසස් අධ්‍යාපනය නවීන තාක්‍ෂණය සමඟ මුසුකර පවත්වාගෙන යන්නටය. 

දිනුජය විසින් නිර්මාණය කරන ලද නියුටෝනියානු වර්ගයේ පරාවර්තන දුරේක්‍ෂය පිළිබඳ කරුණු කාරණා ඔහුගෙන්ද දැන ගැනීම වටී.

“විශ්වයේ බොහෝ තොරතුරු සොයා විද්‍යාඥයන් අභ්‍යවකාශය තරණය කරන යුගයක තාරකා, ග්‍රහලෝක ඇතුළු ග්‍රහවස්තු පිළිබඳ ගොඩනැඟුණු කුතුහලයක ප්‍රතිඵලයක් ලෙසයි මම මෙම පරාවර්තක දුරේක්‍ෂය නිර්මාණය කළේ. මිලිමීටර් 150 විශ්කම්භයක් සහිත පරාවලික දර්පණයකින් සහ ද්විතීයික දර්පණයකින් මෙම දුරේක්‍ෂය සමන්විත වෙනවා. පරාවලික දර්පණය මි.මී. 750ක නාභි දුරක් සහිතයි. ඒ වගේ ම මෙම දුරේක්‍ෂයේ නිරක්‍ෂීය ස්ථාපන ක්‍රමයෙන් සමන්විත වූ සැකැස්මකුත් පවතිනවා. මෙම දුරේක්‍ෂය මගින් ටොලමි තරුපොකුර දක්වා වූ ග්‍රහවස්තූන් පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකියි. මම මෙම දුරේක්‍ෂය තවදුරටත් වැඩිදියුණු කරගෙන යමිනුයි පවතින්නේ. ඉදිරියේදී දුරේක්‍ෂයට පරිගණක සහාය සහිත ස්වයංක්‍රිය සෙවුම් පද්ධතියක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ මගින් මම අපේක්‍ෂා කරන්නේ තෝරාගත් ආකාශ වස්තුවලට දුරේක්‍ෂය නාභිගත වීම ස්වයංක්‍රියව සිදුවීම. මෙවැනි දුරේක්‍ෂ දැනට ලංකාව තුළ නිෂ්පාදනය වන්නේ නැහැ. වැඩිදුරට සිදුවන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීම. ආනයනික දුරේක්‍ෂයක් රුපියල් ලක්‍ෂයක් පමණ වෙනවා. ප්‍රමාණවත් සහායක් ලබාදෙන්නේ නම් මෙම දුරේක්‍ෂය ලංකාව තුළ ඉන් හරි අඩ මිලකට නිෂ්පාදනය කළ හැකියි. 

අභ්‍යවකාශය පිළිබඳ සොයා බැලීමේ පෙරැත්තක් මා තුළ ඇති වුණේ මම වික්‍රමශීලා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී. මගේ පියා ශ්‍රී  ලංකා ග්‍රහලෝකාගාරයේ බාහිර කථිකාචාර්යවරයෙක්. ඔහු දිවයින පුරා පාසල්වල රාත්‍රි අහස නිරීක්‍ෂණ කඳවුරු පැවැත්වූවා. එහිදී තමයි මම දුරේක්‍ෂ හැසිරවීමේ අත්දැකීම් ලැබුවේ. ග්‍රහලෝක, තරු රටා, නිහාරිකා, චක්‍රාවාට මූලිකව හඳුනාගත්තේ මගේ පියාගේ මගපෙන්වීම යටතේ. මෙම දුරේක්‍ෂය සඳහා ආනයනික උපාංග ලෙස මා ලබාගන්නේ දර්පණ පමණයි. එම දර්පණත් ඉදිරියේදී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එවිට තවත් විශාල මුදලක් අඩුවෙන් මෙම දුරේක්‍ෂය අභ්‍යවකාශය පිළිබඳව හැදෑරීම් කරන්නන්ට ලබාදිය හැකියි.”

ප්‍රිය මිත්‍රවරුනි, පසුගිය මාර්තු මසින් ඇරැඹි භීම සමය තුළ මෙවැනි නව නිපැයුම් කොතෙක් සිදුවී ද? කනගාටුවට කාරණය නම් ඒවා උපන් ගෙයි මියැදීමය. එය ඉතිහාසය විසින්ම සනාථ කරන්නෙකි. නමුත් ඉතිහාසය පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ මෙම නිපැයුම් ෆීනික්ස් පක්‍ෂියෙක් මෙන් අළුගසා නැඟිට සිටින බවය. ඊට හොඳම උදාහරණය පෙරාතුව පෙන්වා දුන් පරිදි ගැලීලියෝ ය. නැවත වරක් අප මඳකට රෝම ඉතිහාසයට පිවිසෙමු. ගැලීලියෝ තමා මියගිය පසුව ශාන්ත කේ‍රාස්හි තම පවුලේ සොහොන් බිම අසල තම සිරුර මිහිදන් කරන ලෙස ඉල්ලා තිබුණද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔහුගේ සොහොන මත සොහොන් කොතක් ගොඩනැගීමද ප්‍රතික්ෂේප විය. මිථ්‍යා මත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රෝමයේ ධර්මාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සොහොනකට එබඳු ගෞරව පැවැත්වීම වැරැදි පූර්වාදර්ශයක් වන බව එවකට සිටි පාප්තුමා විසින් පවසා තිබිණි. 

ඒ අනුව, ගැලීලියෝගේ මෘත දේහය ගෞරවයකින් හෝ අවමංගල්‍ය උත්සවයකින් තොරව පවුලේ සොහොනෙන් ඈත්ව මිහිදන් කරනු ලැබීය. ගැලීලියෝගේ සිරුර මත සටහනක් පිහිටුවන ලද්දේ ඔහුගේ මරණයෙන් සතළිස් වසරක් ගෙවීමෙන් පසුව ය. ඒ සටහනේ වූයේ දුරේක්‍ෂයකි. ගැලීලියෝගේ ඇට කටු අවශේෂයන් ශාන්ත කේ‍රාස්හි සොහොන් බිමට ගෙනවිත් එහි තැන්පත් කොට ඒ මත ඵලකයක් පිහිටුවීමට කටයුතු කළේ ගැලීලියෝ මියගොස් 100ගෙවී යෑමෙන් පසුව ය. මෙම දඬුවම් සියල්ල විඳීම සඳහා ගැලීලියෝ කළ වරද වූයේ දුරේක්‍ෂයක් නිපදවීම ය. එය රළු දුරේක්‍ෂයකි. ගැලීලියෝ ගිය මග යන අප කතානායකයා ජනතා අධිකරණය වෙත පමුණුවා ඔහුට අදාළ නිසි තැන ලබාදයි යුතු නොවේ ද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09