මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ මෝටර් රථයේ ටයර් කපයි

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ නවතා තිබූ තම මෝටර් රථයේ රෝද දෙකක ටයර් දෙකක් කපා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසනවා. ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මිරිහාන පොලීසිය දැනුවත් කළ බවයි ඔහු කියා සිටියේ.