මන්ත්‍රී මිලාන් ජයතිලක, මහින්ද කහඳගම ඇතුළු 13 දෙනෙකු ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, මහින්ද කහඳගම ඇතුළු 13 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

එසේම මැයි 9 වනදා සිද්ධියට අතඩන්ගුවට ගත් පාර්ලිම්න්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ තවත් තිදෙනකු ජූනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.