මන්ත්‍රීවරු තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලුවා ද ? – වැඩ බලන මුදල් ඇමතිගෙන් උත්තර

වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් මුදල් අමාත්‍යාංශයට ඉල්ලීමක් යොමු කර නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (22) ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදෙන මෙන්, මුදල් අමාත්‍යාංශයට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කර නැහැ. ඒ ඒක්කම එවැනි ප්‍රවෘත්ති පළ කිරීමේ දී, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යැයි සඳහන් කරනවාට වඩා වගකීමෙන් යුතුව පළ කිරීම ඉතා වැදගත්”

ඒ, අනුව තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් හෝ වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දෙන මෙන් වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර නැතැයි වැඩ බලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14