spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීවරුන්ට ලැබෙන සැප තවත් වැඩිකරගන්නයි මේ සූදානම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කිරීමට එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක්.

එම ලක්ෂ දෙකක මුදල ලක්ෂ 10 ක් දක්වා වැඩිකළ යුතු බවයි ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වන බව වාර්තා වන්නේ.

සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් මූලික මුදල ලෙස රුපියල් අසූ දහසක මුදලක් වැය කරනු ලබන අතර වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 කිරීමට නම් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම තවත් රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රජය අමතරව වැය කළ යුතු බව සඳහන් වනවා.

නමුත් මේ දිනවල රටේ ඇතිව තිබෙන ආර්ථික තත්ත්වය නිසා මාස කීපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවද පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ පූර්ණ එකඟත්වය පළවී තිබෙන බව සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?