මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්ත හිටපු අගමැතිවරියන් හමුවෙයි (ඡායාරූප)

නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිතයන් නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් වන ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක් යන මහත්මීන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බහුවිධභාවය නගාසිටුවීම පිළිබඳ මෙහිදි දිර්ඝ වශයෙන් අග්‍රාමාත්‍යවරියන් සමග සාකච්ඡා කෙරුණු බව සඳහන්.

2017 වසරේ සිට 2023 වසර දක්වා නවසීලන්ත අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ජසින්ඩා ආර්ඩන් මහත්මිය සිය පාලන කාලය තුළ ආර්ථික දේශපාලන අර්බුද මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සිය රටට නායකත්වය ලබා දීම පිළිබද සිය අත්දැකීම් මන්ත්‍රිවරියන් සමග බෙදා ගෙන තිබෙනවා.

විශේෂයෙන් ඇයගේ පාලන කාලය තුළ දරුවන් රැක බලා ගැනීමට රැකියාව අත් හරිනු ලැබූ කාන්තාවන්ට නැවත රැකියා වෙළදපොලට පිවිසීම සඳහා අවකාශ සැලසීම පිළිබඳ ඇති කරන ලද ප්‍රතිපත්ති, වැටුප් සමානතාවය ඇති කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග, දරු උපතකදී වැටුප් සහිත මව්පිය නිවාඩු ලබාදීම, ළමා දරිද්‍රතාවය අවම කිරීම මෙන්ම රට තුළ මෙන්ම දේශපාලනය තුළදී ද ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන්ට හසු නොවන අනෙකුත් ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම ආදී කරුණු පිළිබද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ අවධානය යොමු වුණා.

එමෙන්ම නවසීලන්තයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වන හෙලන් ක්ලාක් මහත්මියද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත සිය දේශපාලන අත්දැකීම් පිළිබද අදහස් දක්වා තිබෙනවා.

විශේෂයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිය ධුර කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග මෙන්ම විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කිරීම සදහා කාන්තාවන් දිරිමත් කිරීම සහ සිවිල් විවාහ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සිය අදහස් ඉදිරිපත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිළිගැනීම සඳහා නවසීලන්තයේ මාඕරි (Maori) ප්‍රජාව නියෝජනය කරමින් සංස්කෘතිකාංගයක්ද මෙහිදී සංවිධානය කර තිබුණා.

සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, සීතා අරඹේපොල, රෝහිණි කුමාරි විජේරත්න, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගීතා කුමාරසිංහ, තලතා අතුකෝරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙරට දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරක්ෂිත කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසිනුයි සංවිධානය කර තිබුණේ.

  1. මම හිතුවේ JVP සෙට් එක මෙි වගේ තේරැමක් නැති දේවල් වලට සල්ලි වියදම් කරන්න නැ කියලා . බලනකොට එක වල්ලේ පොල්. බලයට එනකල් විතරයි පමිපෝරිය. දැන් අනුර කුමාර මොනවද කියන්නේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42