හොරොව්පොතාන ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරියක් තම සිගිති දරුවාද සමග ප්රාදේශීය සභා රැස්වීමට සහභාගි සිටි අයුරු අද (14) දහවල් දක්නට ලැබිණි.
අද(14) හොරොව්පොතාන ප්රාදේශීය සභාවේ 2023 වසර සදහා දෙවන වරට අයවැය ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ අතර මන්ත්රීවරිය ඒ සඳහා සහභාගි වී සිටියහ.
රැස්වීම ආරම්භයේ මන්ත්රීවරිය තනිවම සහභාගි වී සිටිය ද පසුව දරුවා දිගින් දිගටම හඬා වැළපීම නිසා ඇයට තම දරුවා ඔසවාගෙන සභාවේ අදහස් ප්රකාශ කිරීමට පවා සිදුවිය.
මේ සම්බන්ධයෙන් කිසිදු මන්ත්රීවරයෙකු විරුද්ධත්වය ප්රකාශ නොකල අතර සියලු දෙනා සිනහමුසු මුහුණින් බලා සිටියහ.










