මත් ජාවාරමේ ඉන්න තෝරු මෝරු අහුවෙන්නේ නැත්තේ ඇයි ? පොලිස්පති උත්තර බදියි

‘යුක්තිය’ මෙහෙයුම අද (11) දිනයේ සිට තව දුරටත් පුළුල් කරමින් ශක්තිමත් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැලම්පිටිය ප්‍රදේශයේ දී අද (11) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

‘යුක්තිය’ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි ඇතැම් පුද්ගලයින් යළිත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට නිරීක්ෂණ වී ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඇතැම් සාමාජිකයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙන් උපයාගන්නා සුළු ලාභයෙන් තම ජිවන රටාව සකස්කරගෙන ඇති බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර මෙම මෙහෙයුම් මඟින් ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකරගැනීමට තවමත් නොහැකිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ පොලිසිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයින් සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනවලට නොයාම මීට හේතු වී ඇති බවයි.

මේ අතර අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) දිනයේ සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

  1. ඉතින් බං උන් සේරම එක්ක ඉන්නේ එදා සිට උම්බලානේ උඹේ ඥාති පුතා කොහොමද මේතරම් ධනයක් සෙව්වේ කියලා බැලුවද..? නිකන් බබා හුකුම් දාන්න එන්න එපා.. අපි සේරම සොයලා තියෙන්නේ පුතෝ..

  2. ගැබුරු විමර්ශන වළට යන්නෙ කොහොමද මුං උන්ගෙ බත් බැලයොනෙ..හාම්පුතාලට විරුද්ධ වෙන්ඩ පුලුවන් ද නගුට වනන බල්ලන්ට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25