spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත් ජාවාරමේ ඉන්න තෝරු මෝරු අහුවෙන්නේ නැත්තේ ඇයි ? පොලිස්පති උත්තර බදියි

‘යුක්තිය’ මෙහෙයුම අද (11) දිනයේ සිට තව දුරටත් පුළුල් කරමින් ශක්තිමත් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැලම්පිටිය ප්‍රදේශයේ දී අද (11) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

‘යුක්තිය’ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි ඇතැම් පුද්ගලයින් යළිත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට නිරීක්ෂණ වී ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඇතැම් සාමාජිකයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙන් උපයාගන්නා සුළු ලාභයෙන් තම ජිවන රටාව සකස්කරගෙන ඇති බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර මෙම මෙහෙයුම් මඟින් ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකරගැනීමට තවමත් නොහැකිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ පොලිසිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයින් සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනවලට නොයාම මීට හේතු වී ඇති බවයි.

මේ අතර අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) දිනයේ සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
19
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?