spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත් කරල් සහ කේරළ ගංජා ජාවාරම් කළ 2ක් STF අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට මත් කරල් හා කේරළ ගංජා ජාවාරමේ යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී ප්‍රිගැබ් වර්ගයේ මත් කරල් 800ක් හා කේරළ ගංජා ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

වයස අවුරුදු 20 හා 26ක් වන පුද්ගලයින් දෙදෙනා සමග මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ගත් බවට සැක කෙරෙන රුපියල් 10,000ක් සහ ජංගම දුරකථන 02ක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙතටයි භාර දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?