මත් කරල් ලක්ෂ 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මන්නාරම තාල්වුපාඩු මැතිව් වීදිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මත් කරන් දෙලක්ෂ හත් දහසක් ළග තබාගෙන සිටි සැකකරුවෙකු මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

22 හැවිරිදි මෙම සැකකරු තාල්වුපාඩු ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මත්කරල් තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි.

සැකකරු මත්පෙති තොගයක් සමඟ පළමුව අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙරළේ වළ දමා තිබු තවත් මත්පෙති තොගයක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා මත්පෙති බෙදා හැරීමේ ජාවාරම සිදු කර ඇති අතර, ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම මත් කරල් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

සැකකරු හා අත්අඩංගුවට ගත් මත්පෙති තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15