මත්පෙති හා අයිස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසනවා.

ඒ අතර සැකකාරියක් ද වනවා.

ඊයේ (15) කල්පිටිය – සින්නකුඩිරිප්පුව, කුරක්කන්හේක සහ නොරොච්චෝලේ යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදීයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.

ඒ අනුව කල්පිටිය – සින්නකුඩිරිප්පුව ප්‍රදේශයේ නිවසක තිබී PREGAM සහ NCVAPREG නමින් හදුන්වන මත්පෙති 7000 ක් සමග 24 හැවිරිදි තරුණයෙකු කල්පිටිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලීසිය හමුවේ පවසා තිබුණේ තමන් සතුව තිබී පොලිස් බාරයට ගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 21 ක් පමණ වන බවයි.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200 ක් සමග සැකකාරියක්ද කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකාරියගෙන් ලද තොරතුරු අනුව නොරොච්චෝල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2280 ක් සමඟ කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු පොලිස් නිලධාරියෙකු බවයි අනාවරණය වී ඇත්තේ. පොලිස් සේවයේ නිරත වෙමින් සිටියදී ගංජා අලෙවි කිරීමේ චෝදනාව හේතුවෙන් සැකකරු සේවයෙන් පහ කර ඇති අයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ සැකකාරිය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11