spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් සාදයේ ගුටි හුවමාරුවෙන් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතර තුර ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (24) අලුයම කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ගැටුම අතර තුර පහර කෑමට ලක්වූ එම පුද්ගලයා සීප්පුකුලම – තම්මැන්නාව රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි වියේ පසු වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බවයි පොලීසිය පැවසුවේ.

මෙම ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන් සොයා මිහින්තලේ පොලිසිය මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?