මත්පැන් සාදයක් අතර තුර තුවක්කුවක් පත්තුකර අයෙක් මරුට

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අඹන්පොල පොලීසිය පවසනවා.

අඹන්පොල – තිඹිරියාව ප්‍රදේශයේ දී ඊයේ (05) රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ මහව, කැකුණාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ නිවසේ ඊයේ (05) රාත්‍රීයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එම සාදය පැවැත්වෙන අතර තුර දෙදෙනා අතර කිසියම් දෙයක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් හට ගෙන තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇහැටුවැව රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතියෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

අඹන්පොල පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14