spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් සාදයක් අතර තුර තුවක්කුවක් පත්තුකර අයෙක් මරුට

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අඹන්පොල පොලීසිය පවසනවා.

අඹන්පොල – තිඹිරියාව ප්‍රදේශයේ දී ඊයේ (05) රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ මහව, කැකුණාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ නිවසේ ඊයේ (05) රාත්‍රීයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එම සාදය පැවැත්වෙන අතර තුර දෙදෙනා අතර කිසියම් දෙයක් සම්බන්ධයෙන් බහින් බස්වීමක් හට ගෙන තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇහැටුවැව රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතියෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

අඹන්පොල පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?