මත්ද්‍රව්‍ය සමඟ දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රාව ගාලු වරායට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ පුද්ගලයින් හයදෙනා ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරනවා.

එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 175ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් බිලියන 3.5ක්.

පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !