මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රසිද්ධ පාසලක ආපණශාලා සේවිකාවක් හා තරුණයෙක් අත්අඩංගුවට

කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ 60 හැවිරිදි කාන්තාවක හා 18 හැවිරිදි තරුණයකු කැකිරාව – මල්දෙනිපුර ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, කාන්තාවක ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ බවයි.

මල්දෙනිපුර ප්‍රදේශයේ නිවසක් වටලා එම නිවස තුළ දී අදාළ සැකකාරිය හා සැකකාර තරුණයා සමඟ අයිස් හා හෙරොයින් මත්කුඩු තොගයක් අලෙවිය සඳහා සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

පොලිසිය අදාළ නිවස වටලන අවස්ථාවේ දී එහි සිටි තවත් තරුණ සැකකරුවෙකු පලා ගොස් ඇති අතර එලෙස පලා ගොස් ඇත්තේ පොලිස් අත්අඩංගුවට පත් සැකකාරියගේ පුත්‍රයා බවට ද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, පොලිසිය තවදුරටත් එම නිවස පරික්ෂා කිරීමේ දී එම නිවසේ කාමරයක් තුළ සූක්ෂ්මව සඟවා තිබූ තවත් මත්කරල් 500ක් ද සොයා ගැනීමට හැකි වුණා.

ඒ අනුව එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 4350ක් ද, හෙරොයින් මිලිග්රෑම් 5150ක් ද, මත්කරල් 600ක් ද පොලිස් භාරයට ගැනුණු බවත් වාර්තාකරු පැවසුවා.

අයිස් හා හෙරොයින් මෙන්ම මත්කරල් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ආපණශාලාවක සේවිකාවක වශයෙන් ද කටයුතු කරමින් සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පලාගිය සැකකාරියගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර ඇති බවත් සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව හා තරුණයා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20