spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය බිඳ දැම්මොත් පාතාලයත් බිඳ වැටේවි – වැඩබලන පොලිස්පති

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය බිඳ දැමීමෙන් පාතාලය ද බිඳ දැමිය හැකි බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින්ට රැකවරණය පාතාලය විසින් සපයන බවයි.

දිවයින පුරා අද ආරම්භ කළ ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අද (17) ආරම්භ කළ මෙහෙයුම් ලබන 23 වනදා දක්වා සිදුකරන බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා නත්තල් නිවාඩුව වෙනුවෙන් කෙටි විරාමයින් පසු අඛණ්ඩව සිදුකර බවයි මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පාතාලය සහ මත් ජාවාරම මර්ධනය කිරීමේ අරමුණින් පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව ‘යුක්තිය’ නමින් විශේෂ මෙහෙයුමක් අද (17) අලුයම සිට දිවයින පුරා ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?