මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් ඉඩම සහ නිවස රජයට (ඡායාරූප)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු මිලදී ගත් බව කියන වැලිවේරිය ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩම සහ නිවස ගම්පහ මහාධිකරණ නියෝග මත රාජසන්තක කර තිබෙනවා.

රුපියල් කෝටියකට අධික මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ ඔහුගේ පෙම්වතිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු අනුව මෙම පියවර ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත්තේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2021 වසරේ ජූලි මස 19 වෙනි දින මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 869,800 මුදලක් සමග මිරිහාන රජමහා විහාර මාවත පදිංචි සැකකරුවෙක් සහ ඔහුගේ පෙම්වතිය බව කියන බොරැල්ල සර්පන්ටයින් පාර පදිංචි තරුණියක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා සිදුකළ නියෝගයක් අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් එම නිවස මිලදී ගත් බවට අනාවරණ වී ඇත්තේ.

නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපළ සම්බන්ධයෙන් 2011 අංක 40 පනතින් සංශෝදිත මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව මෙම නිවස ඉඩම ගම්පහ මහාධිකරණය මගින් ක්‍රියා විරහිත කර තහනම් කිරීමට ලක් කර ඇති අතර එම පනතේ එකොළොස් වන වගන්තිය ප්‍රකාරව මහර ප්‍රාදේශීය ලේකම් එම නිවසේ ප්‍රතිග්‍රාහකයා වශයෙන් පත්කළ බව පොලිසිය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරිය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම නිවස වෙත කැඳවා තිබූ අතර ඇය ඉදිරියේ එම නිවස සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බව සඳහන්.

මෙම සැකකරු සහ සැකකාරියගේ නමින් බැංකු කිහිපයක තැන්පත්ව ඇති රුපියල් කෝටි 11කට ආසන්න මුදල් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00