මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරූ පොලිසියේ 02ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද සැරයන්වරයෙකුයි.

මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති සැකකරුවෙකු විසින් සපයන ලද තොරතුරකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂක අමිල ලසන්ත කුමාර පතිරණ කුරුණෑගල අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන ලබන දැනට අනාවරණය වී ඇති අතර ‘ඩුබායි සම්පත්’ නැමැත්තෙකු සමඟ වට්ස්ඇප් ඔස්සේ දුරකථන සබඳතා ද පවත්වා ඇති බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම 38 හැවිරිදි පොලිස් සැරයන් සුනෙත් දුෂ්මන්ත දිසානායක ඕමන්තය පොලිස් ස්ථානයට අනුයුක්තව තාවකාලිකව දොරුටියාව පොලිස් ස්ථානයේ රාජකාරි කරන ලද නිළධාරියෙකු වන අතර, මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සමග සමීප සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවන බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56