spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන් 559ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන මෙහෙයුමට සගාමීව ඊයේ (21)දින සිදුකල වැටලීම් 561කට අදාලව සැකකරුවන් 554ක් හා සැකකාරියන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් තිදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, එක් සැකකරුවෙක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 106ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 99ක්, ගංජා ග්‍රෑම් 212ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකල මුළු වැටලීම් 319 දී සැකකරුවන් 315ක් හා සැකකාරියන් 04ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 29ක්, ගංජා ග්‍රෑම් 82ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුල සිදුකළ මුළු වැටලීම් 53කදී සැකකරුවන් 52ක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැටලීමට අදාල විශේෂිත සංඛ්‍යා තොරතුරු පහතින්

image 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?