මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මව්පිය යුවළ දරුවන් දෙදෙනා මුදලට විකුණලා

සිය දෙහැවිරිදි පිරිමි දරුවා සහ මාසයක් වයසැති දැරිය මුදලට අලෙවි කළ මව්පිය යුවළක් මුම්බායි අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය අද (24) වාර්තා කළා.

අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින මෙම මව්පිය යුවළ මත්ද්‍රව්‍ය ලබාගැනීමේ සඳහා මෙලෙස තම දරුවන් දෙදෙනා අලෙවිකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දෙහැවිරිදි පිරිමි දරුවා ඉන්දීය රුපියල් හැට දහසකට සහ මාසයක් වයසැති ගැහැණු දැරිය රුපියල් දාහතර දහසක මුදලකට අලෙවිකර ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් විකිණීම සම්බන්ධයෙන් සැකකාර මව්පිය යුවළ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අලෙවි කළ බව කියන මාසයක් වයසැති ගැහැණු දැරිය සොයාගැනීමට ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබී තිබෙනවා.

දෙහැවිරිදි පිරිමි දරුවා සෙවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

අත්අඩංගුවට ගත් සැකකාර දෙමාපියන් වන ෂබීර් සහ සානියා මෙන්ම දරුවන් විකිණීමෙන් කොමිස් මුදලක් ලබාගත් බව කියන ඒජන්තවරියක වන ඌෂා රතෝඩ් නැමැති කාන්තාව ද මුම්බායි අපරාධ අංශය විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21