spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්කුඩු සමඟ කාන්තාවක් ඇතුළු 28 දෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

සංචරණ සීමා පනවා තිබියදී හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයෙන් වැඩිම ප්‍රමාණය වන ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 125ක් අදාළ කාන්තාව සන්තකයේ තිබූ බවයි වැටලීම සිදුකළ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ. ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර මීට පෙර මත්කුඩු සමඟ පොලීසියට හසුවී අධිකරණයෙන් දඩුවම් ලැබූවන් ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?