රියදුරන් තිදෙනෙකු එක්ව කළ අමුතු තාලේ ප්‍රවාහනයෙන් සිරගෙයි දොර ඇරුණු හැටි

නීතිවිරෝධී අයුරින් සහ සත්ත්වයින්ට පීඩාවක් ගෙනදෙන අයුරින් මී ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ 03ක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) පස්වරුවේ ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මෙම ලොරි රථ පැමිණීමේ දී මඩාටුගම ප්‍රදේශයේ දි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ලද රහස්‍ය ඔත්තුවක් මත බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ලොරි රථ තුළ මී ගවයින් 49 දෙනෙකු සිට ඇති බවත් එම සත්ත්වයින්ව ගල්කිරියාගම සිට මුලතිව් වෙත ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ලොරිරථ ගනේවල්පොල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ඒවා බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුවන් ගනේවල්පොල, හිනුක්කිරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් තිදෙනාව හෙට (30) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15