මඩකලපුව විශ්වවිද්‍යාලය සුද්දකර යද්දී කෝප්‍රල් අල්ලයි (ඡායාරූප)

පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති විද්‍යාලයේ පරිගණක යන්ත්‍ර 06ක් සහ සිවිලිං විදුලි පහන් 80ක් සොරකම්කර පළායමින් සිටි දෙදෙනෙකු වැලිකන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා කෝප්‍රල්වරයෙක් සහ ත්‍රීරෝද රථ රියදුරෙක් බවයි වාර්තා වුණේ.

සැකකාර හමුදා සෙබළා කුලියට ගත් ත්‍රීරෝද රථයකින් මෙම පරිගණක සහ විදුලි පහන් කඳුරුවෙල ප්‍රදේශයට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹට රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ නඩු භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය මඟින් වාලච්චේන පොලිසියට භාරදීමට නියමිතව තිබුණා.

සොරාගන්නා ලද භාණ්ඩ රැගෙන යමින් සිටිය දී වැලිකන්ද, කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයේ දී සිදුකළ පරික්ෂා කිරීමේ දී ඒවා මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

IMG 20230910 095718 583 1 scaled
IMG 20230910 095718 583 1 scaled
IMG 20230910 095718 583 1 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47