මට දැනෙන දේවල් විතරයි මම කරලා තියෙන්නේ.

ඉදහිටලා රඟපාන එක අපරාධයක් කියලා හිතන්නේ නැහැ. එහෙම මට හිතෙන්නේ නැහැ. මට ඇහෙන දේවල් විතරයි මම කළේ. මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සකට වැඩියි. ඒ අවුරුදු විස්සටම මට දැනෙන දේවල් විතරයි මම කරලා තියෙන්නේ. මොකද මට ජනප්‍රිය වෙලා බැබළි බැබළි ඉන්න වුවමනාවක් නෑ.

පසුගිය කාලයේ ඔබට ලැබුණු සිනමා නිර්මාණ ගැන කතා කළොත්?

කොරෝනා වසංගතයට කලින් මම චිත්‍රපට තුනක වැඩ කළා. මම හිතන්නේ මේ ප්‍රශ්න – ඉවර වුණහම ඒ තුන ඉදිරියේදී දැකගන්න ලැබේවි.

දිගු කලකට පසු ටෙලිනාට්‍යයකින් දකින්න ලැබීම ගැන ක්‍ෂේත්‍රයේ අය මොනවද කිව්වේ?

හැමෝම දන්නවා මම කොයිවගේ හිතන පතන කෙනෙක්ද කියලා. ඔවුන් දන්නවා මම සම්බන්ධ වුණොත් ඒක හොඳ නිර්මාණයක් කියලා.

නිර්මාණයක් තෝරා ගැනීමේදී ඔබ මොන වගේ සාධකද සොයා බලන්නේ?

පිටපත, අධ්‍යක්‍ෂකවරයා, මොන වගේ චරිතයක්ද මට ලැබෙන්නේ. ඒ චරිතය ඒ නාට්‍ය තුළ කොච්චර සාධාරණයක් ඉෂ්ට කරනවාද කියන කාරණාව වගේ දේවල් බලනවා.

ඔබ රගපෑ චරිත ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. අනිවාර්යයෙන්ම මම තෘප්තිමත් නැති චරිතයක් මම ජීවිතේට කරලා නෑ.

ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න අදහසක් නැතිද?

අධ්‍යක්‍ෂණය ගැන මට දැනීමක් නෑ

සුද්දි කියන්නේ සමාජයේ කතාබහට ලක් වුණ චරිතයක්. අද වෙනකොට මොකද හිතන්නේ?

මිනිස්සුන්ට අපිව පෙන්වන්න පුළුවන් වුණ සුද්දි කොහොමද ජීවමාන වුණේ කියලා චිත්‍රපටයෙන් දැක්කේ සුද්දිගේ මරණය විතරයිනේ. ටෙලි නාට්‍යයෙන් දැකගන්න ලැබේවි සුද්දි කොහොමද මරණයට පත් වුණේ කියලා. මොකක්ද සුද්දිගේ ජීවිත කතාව කියලා.

මේ චරිතය ඔබේ රංගන ජීවිතයේ ලොකු කඩඉමක් කියලා හිතනවාද?

මේක ටර්නින් පොයින්ට් එකක් වෙනවා. මට විතරක් නෙමෙයි, මුළු ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේම ටර්නින් පොයින්ට් එකක් වෙනවා.

අධ්‍යක්‍ෂ ප්‍රසන්න මොකද කිව්වේ ඔබේ රංගනය ගැන?

ප්‍රසන්න ජයකොඩි කියන්නේ අධ්‍යක්‍ෂකවරයෙක් විදිහට හරිම අමාරු කාරයෙක්. ඉතිං ඔහු සෑහීමකට පත්කරන්න පුළුවන් වෙනවා කියන්නේ රංගන ශිල්පියකුට හෝ ශිල්පිණියකට ලොකු භාරදුර කර්තව්‍යයක්. ඉතිං ඔහු සෑහීමකට පත්කළා කියලා අපි හිතනවා. මම, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, ප්‍රදීප්. ඇත්තටම මේ මුළු නාට්‍යටම ඉන්නේ චරිත හතරයි.

දිනේෂ් විතාන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23