මට්ටක්කුලිය අදත් නොසන්සුන් 15දෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

මට්ටක්කුලිය -අලිවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තැබූ බවට සැකකෙරන පුද්ගලයින්ගේ නිවාස කිහිපයකට ඔහුගේ සගයින් පිරිසක් පහර දී තිබෙනවා.


ඊයේ (12) දින පස්වරුවේ ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටයි කටයුතු කර තිබුණේ.


එහිදී වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ 24 හැවිරිදි අශාන් මදුරංග හෙවත් අලිවත්තේ විරාජ් දිවි ගලවා ගලවා ගැනීමට සමත්ව තිබුණා.


පොලිසිය ප්‍රකාශ කළේ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බවයි .
කෙසේ වෙතත්ල මෙම සිදුවීමට අදාළව තවදුරටත් මට්ටක්කුලිය පොලීසිය විසින් විමර්ශන සිදුකරන අතර මේ වනවිට සිද්ධියට අදාළ සී.සී.ටීවී දර්ශන කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා

මේ අතර වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව එහි ඉලක්කය වූ පුද්ගලයාගේ පාර්ශ්වයේ පිරිසක් මට්ටක්කුලිය – අලිවත්ත ප්‍රදේශයේ තවත් නිවාස 04කට ‌පහර දී අලාභ හානි සිදුකර තිබුණා.

පහරදීම සඳහා එම පිරිස පැමිණෙන ආකාරයද සී.සී.ටීවී දර්ශනවල සටහන්ව තිබුණා.

ප්‍රහාරයට ලක් වූ නිවැසියන් චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

මෙම පහරදීමට අදාළව මට්ටක්කුලිය පොලීසිය විසින් සැකකරුවන් 15 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44