“මටත් පුදුමයි මේ වැඩේට” – ඔන්ලයින් ඕන දරුවන්ට: බේබද්දන්ට නෙමෙයි

ඔන්ලයින් පහසුකම් නැතුව ගස් උඩ නගින දරුවන්ට එම පහසුකම ලබා දෙන්න හදද්දි තවත් පිරිසක් ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව තමා පුදුම වන බව ජනපතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

ජනපතිවරයා එසේ ප්‍රකාශ කොට තිබෙන්නේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අමතාය.

කාගෙද මේ යෝජනා

ඔන්ලයින් හරහා අරක්කු ගෙන්වා ගැනීමේ යෝජනාව කාගේ යෝජනාවක් දැයි ජනපතිවරයා කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කොට තිබෙන්නේ එම යෝජනාව සුරාබදු ජනරාල්වරයාගේ යෝජනාවක් බවය.

ජනපතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කොට තිබෙන්නේ ඒ අවස්ථාවේය.

යෝජනාව හා අනුමැතිය දුන් ආයතන

දැනගන්නට තිබෙන ආකාරයට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමුකොට තිබෙන අතර මුදල් අමාත්‍යාංශයේද අනුමැතිය ඊට හිමිව තිබෙනවා.

එහෙත් එය ක්‍රියාත්මක කිරීමට කොවිඩ් වෙනස්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේද අනුමැතිය අවශ්‍යව තිබෙන බැවින් ජනපතිවරයා , යුද හමුදාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කර තිබෙන්නේ ඒ හේතුවෙන්.

කෙසේ වෙතත් ජනපතිවරයා ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව අවලංගු කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53