spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මඟ රැකගෙන සිට ලොරි රථයකට එල්ල කළ ගල් ප්‍රහාරය (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මඟ රැකගෙන සිටි අයෙකු විසින් ගලකින් පහර දෙන අයුරු දැක්වෙන සී.සී.ටී.වී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

උඩවලව පොලිස් වසමට අයත් සංඛපාල ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පහරදීමෙන් ලොරි රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති බව සඳහන්.

මෙම අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරු සහ එහි සහායකයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කිසියම් පුද්ගලික ආරවුලක් මත මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයන් කිසිවෙක් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

https://youtu.be/PxHpZfcFQyY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
6
+1
12
+1
20
+1
11
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?