මක්කම වන්දනාවේ ගිය පිරිසක් රැගත් බසයක් අනතුරට ලක්ව 42ක් ජීවිතක්ෂයට

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් දරුණු අනතුරකට ලක්ව තිබෙනවා.

බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 42 දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන් වන අතර, ඔවුන්ගේ මෘත දේහයන් හඳුනාගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අවම වශයෙන් කාන්තාවන් 11 දෙනෙකු සහ ළමුන් 10 දෙනෙකු මියගිය අය අතර සිටින බව බලධාරීන් පවසන්නේ.

බස් රථය මක්කම සිට මදීනා බලා යමින් සිටියදී මුෆ්රිහාත් අසලදී අද අලුයම 1.30 ට පමණ මෙම අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථයේ සිටි බොහෝ මගීන් තෙලන්ගානා ප්‍රාන්තයේ සිට පැමිණි පිරිසක් බවයි අනවරණය වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බස් රථයේ සිටි පිරිස අතරින් එක් පුද්ගලයෙක් පමණක් මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40