මංගල තරගයේදීම අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් තරගයෙන් පසු කී කතාව

නායක චරිත් අසලංකගෙන් ලැබුණු අත්දැකීම් සහ උදව්වත් සමඟ මංගල එක්දින තරගයේ දී අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කිරීමට තමන්ට හැකි වූ බව ඊයේ දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් නිශාන් මධුෂ්ක පවසනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (20) පැවති පළමු එක්දින තරගයෙන් පසු මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීමෙන් පසු තණ තීරුවේ දෝලනය අඩුවීමත් සමඟ පන්දුවට පහරදීමට පහසු වූ බවයි නිශාන් මධුෂ්ක මෙහිදී වඩිදුරටත් පවසා සිටියේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවති පළමු එක්දින තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් නිශාන් මධුෂ්ක ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් පන්දු 54ක් තුළ ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 05කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාව ලැබුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිමේ 39 වන පන්දු වාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වනවිට ඔවුන් කඩුලු 04ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියා.

වර්ෂාව හේතුවෙන් තරගය පැය කිහිපයක් නවතා දමන්නට සිදු වූ අතර, අනතුරුව රාත්‍රී 8.30ට පමණ තරගය යළි ආරම්භ වුණේ තරගය ජයගැනීමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 37ක් තුළ ලකුණු 232ක ඉලක්කයක් ලබාදෙමින්.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 31යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 77ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 69ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05