මංගල උත්සවයේ දී මනාලයා තැබූ වෙඩි පහරින් මිතුරා ජීවිතක්ෂයට (වීඩියෝ)

විවාහ මංගල උත්සවයක දී මනාලයා විසින් සිය මිතුරෙකු වෙඩි තබා ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

පසුගිය බදාදා ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් හි රොබට්ස්ගාන්ජ් නගරයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බබුලාල් යාදේව් නමැති 35 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

විවාහ මංගල උත්සවයේ දී සම්ප්‍රදායිකව වෙඩි තබා සිදුකරනු ලබන සමරුමක දී මනාලයා අතින් අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි තැබීම සිදුකළ මනාලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව ප්‍රශ්න කිරීම සඳහා එහි සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ද පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මංගල උත්සවයේ දී සම්ප්‍රදායිකව වෙඩි තබා සිදුකරන සමරුම සඳහා මනාලයා වෙත තුවක්කුව ලබා දී ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සතුව වූ බලපත්‍ර සහිත පිස්තෝලය ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

https://youtu.be/HNMSUZ9yMlg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14