මංගල උත්සවයේ දී අසනීප වූ තරුණිය අවාසනාවන්ත ලෙස නොඑන ගමන් ගිහින්

මංගල උත්සවයකට සහභාගීව සිටි තරුණියක් ආහාර ගැනීමෙන් පසු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි එච්.එම්. අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියක් බවයි වාර්තා වුණේ.

මෙම තරුණිය පසුගිය දා පුත්තලම ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගී ඇති අතර, එහිදී මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම තරුණිය හදිසි අසනීප තත්ත්වයකට පත්ව ඇති අතර, එහිදී ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

තරුණිය මෙලෙස රෝහලට ඇතුළත් කරනවිටත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අයෝධ්‍යා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22