භූ කම්පනයේ මරණ 25000 ඉක්මවයි – පැය 128ක් සුන්බුන් අතර සිටි පිරිමි ළමයෙකු බේරා ගැනේ

තුර්කියේ සහ සිරියාවේ ප්‍රබල භූ කම්පනවලින් පසු සුන්බුන් අතර සිරවී සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා.

ඒ මෙම ඛේදවාචකය සිදුවී පැය 128කට පමණ පසුවයි.

තුර්කියේ Hatay ප්‍රදේශයේ සුන්බුන් අතර සිටියදී මෙම පිරිමි ළමයා බේරා ගැනුණා.

එමෙන්ම විනාශයට පත් තුර්කි නගරයක් වන Kahramanmaras හි, බ්‍රිතාන්‍ය සහ ජර්මානු සහන කණ්ඩායම් විසින් 15 හැවිරිදි ගැහැණු ළමයෙකු ද බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වන විට 25,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ මරණ සංඛ්‍යාව 21,848 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට ජනාධිපති එර්ඩෝගන් ප්‍රකාශ කර ඇත්තේ.

සිරියාවේ පුද්ගලයන් 3,553ක් පමණ මියගොස් ඇති බව වාර්තා වන අතර, ඒ අනුව දෙරටේ මුළු මරණ සංඛ්‍යාව 25,401 දක්වා ඉහළ ගියා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිරියාවට ආධාර ලබා දීමේදී සියලු දේශපාලන මතවාද පසෙක තැබිය යුතු කාලය බවයි.

වෘත්තීමය සහ ස්වේච්ඡා අංශයෙන් 30,000 කට වැඩි සහන සේවක පිරිසක් මේ වන විට අතුරුදන් වූවන් සෙවීම ඇතුලු මෙහෙයුම්වල නිරත වනවා.

ගොඩනැගිලි 6,000කට වඩා කඩා වැටී ඇති අතර තුර්කියේ ආපදා කළමනාකරණ අධිකාරියේ කම්කරුවන් ද භූමිකම්පාවලට හසු වී ඇති බවයි වාර්තා වන්නේ.

දින 05 ක් පුරා ක්‍රියාත්මක ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක අතර විනාශ වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මේවනවිටත් මුදා ගනිමින් සිටිනවා.

එලෙස මුදාගැනෙන පිරිස් අතර කුඩා ළමුන් ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ භූ කම්පනය නිසා විනාශ වී ගිය තුර්කියේ ඇතැම් ප්‍රදේශවල මේවනවිට දැඩි දුර්ගන්ධයක් පවතින බවයි.

එහෙත් එවැනි බාධා හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් පවා නොතකා දෙස් විදෙස් සහන කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පවතිනවා.

මේ අතර භූ කම්පනය හේතුවෙන් සිරියාවේ මිලියන 05 කට අධික පිරිසකට වාසස්ථාන අහිමි විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණ කර තිබෙනවා.

අතීතයේ දී තුර්කිය සහ සිරියාව ආශ්‍රිත කලාපයේම ඉතා දැවැන්ත භූමිකම්පා සිදුවී තිබෙනවා.

19 වන සියවසේ 1822 අගෝස්තු 13 වන දින රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක් සිදුවූ අතර එය සඳුදා වාර්තා වූ 7.8ක භූමිකම්පාවට වඩා සැලකිය යුතු තරම් අඩු වුවද එම ප්‍රදේශයේ නගරවලට විශාල හානියක් සිදු වුණා.

ඉන් සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පමණක් මරණ 7,000ක් වාර්තා වූ අතර පසු කම්පන වසරකට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර භූමිකම්පාවෙන් පසු දැනටමත් පසු කම්පන කිහිපයක් සිදුවී ඇති අතර විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ එය 1822 ඛේදවාචකය තරම් වනු ඇති බවයි.

මෙවර සිදු වූ ප්‍රබල කම්පනය සැලකෙන්නේ මෙම සියවසේ සිදුවූ හත්වන දරුණුතම ඛේදවාචකය ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29