භූ කම්පන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් පිටත්ව යයි

වැල්ලවාය, මොනරාගල, බුත්තල ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසුවේ භූ කම්පන සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් එම ප්‍රදේශයේ සිට දින කිහිපයක් පරීක්ෂණ සිදු කරන බවයි.

වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන ද රික්ටර් මාපාංක ඒකක 2.3 ක සුළු භූ කම්පනයක් සිදු වුණා.

ඊයේ (10) දහවල් මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ චලන දෙකක්ද සිදු වූ අතර රික්ටර් මාපාංක 3ක් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසට එම භූකම්පන වාර්තා වුණා.

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද අලුයම සිදු වූ සුළු භූ කම්පනයෙන් කිසිදු අනතුරක් වාර්තා වී නැහැ.

මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

වැල්ලවාය, බුත්තල, මොණරාගල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ පස්වරුවේද සිදු වුණේ භූ කම්පනය රික්ටර් මාපකයේ 3ක් ලෙස සටහන්ව තිබුණා.

අවස්ථා තුනකදී පමණ කම්පන තත්ත්වය දැණුනු බවත්, පොලොව තදින් සෙලවූ බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

කෙසේවෙතත් එම භූ කම්පනය හේතුවෙන් විශාල ආපදා තත්වයක් වාර්තා නොවූ බවයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

එහෙත් නිවාස කිහිපයකට සුළු හානි සිදු වී තිබෙනවා.

බුත්තල බෞද්ධාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යයේ තිබූ කොත් වහන්සේද භූ කම්පනය හේතුවෙන් කඩා වැටී තිබුණා.

මේ අතර විචාරකයන් පෙන්වා දෙන්නේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටි චලනය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ භූ කම්පන අපේක්ෂා කළ හැකි බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ බුත්තල, වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක ඊයේ වාර්තා වූ රිච්ටර් මාපක 3.0 ක කම්පනය ද ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ චලනය හේතුවෙන් සිදුවූවක් බවයි.

ශ්‍රී ලංකාවේ සිට සැතපුම් 1000ක් පමණ දුරින් සිදුවන අභ්‍යන්තර ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි කම්පන ඇති වන බැවින් එහි බලපෑම අවම බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය දැනටමත් දෙකට බෙදීමට පටන් ගෙන ඇති අතර පසුගිය වසර 15 සිට 20 දක්වා කාලය තුළ එය සිදුවෙමින් පවතින වේගය වැඩි වී ඇති බවයි විශේෂඥයින් තහවුරු කර ඇත්තේ.

ඉන්දියන් සාගරයේ ඇති වූ මෑත කාලීන දැවැන්ත භූමිකම්පා ද පෘථිවි පෘෂ්ඨය තුළ නව භූ තල මායිමක් නිර්මාණය වීමේ එක් පියවරක් ලෙසට සැක කෙරෙනවා.

භූ විද්‍යාව පිළිබඳ පවතින න්‍යායන්ට අනුව, ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය අභ්‍යන්තරව විකෘති වීමට පටන් ගත්තේ මීට වසර මිලියන 10කට පමණ පෙර සිටයි.

ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ බොහෝ විශාල භූමිකම්පා ඇතිවන්නේ භූ තැටි ඒවායේ මායිම්වලදී තවත් භූ තැටියක් හා ගැටෙන විට සහ එක් භූ තැටියක් අනෙකට යටින් ලිස්සා යන විටයි.

ඊට අමතරව, භූ තැටි හෝ කොටස් තිරස් අතට ලිස්සා යන විට, සාමාන්‍යයෙන් කුඩා, භූමිකම්පා ඇති කරනවා.

උතුරු ඉන්දියාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ප්‍රබල භූමිකම්පා සංඛ්‍යාවක් අත්විඳ ඇති නමුත් ශ්‍රී ලංකාවට එවැනි බලපෑම් පවතින්නේ සාපේක්ෂව අවම මට්ටමකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14