භූ කම්පනයේ මරණ 24000 ඉක්මවයි

සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් පසු පැය 122 ක් සිරවී සිටි කාන්තාවන් දෙදෙනෙකු කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටියදී බේරා ගැනීමට තුර්කියේ සහන සේවා කණ්ඩායම් සමත් වී තිබෙනවා.

බේරා ගෙන ඇත්තේ 70 හැවිරිදි කාන්තාවක් සහ 55 හැවිරිදි කාන්තාවක්.

මේ අතර විනාශයට පත් තුර්කි නගරයක් වන Kahramanmaras හි, සුන්බුන් අතර සිටි 15 හැවිරිදි දැරියක් ද බේරාගෙන තිබෙනවා.

තුර්කියේ සහ වයඹදිග සිරියාවේ බලපෑම් එල්ල වූ ප්‍රදේශවල මියගිය සංඛ්‍යාව 24,150 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද පෙරවරුව වන විට තුර්කියේ මරණ 20,665 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ 3,500 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීම වෙනුවෙන් සහන සේවකයන් 31000කට වැඩි පිරිසක් සේවයේ නිරත අතර ඔවුන් පසුගිය පැය 24ක පමණ කාලය තුල තුර්කියේ පමණක් සුන්බුන් අතර සිටි 67 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

පුද්ගලයන් 80,000ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මිලියන 1.05ක් භූමිකම්පා හේතුවෙන් නිවාස අහිමිව තාවකාලික නවාතැන්වල සිටින බව තුර්කි උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් භූමිකම්පාවෙන් පසු විපතට පත් ප්‍රදේශවලට සිය පළමු සංචාරය සිදු කළ අතර, ඔහුගේ බිරිඳ අස්මා සමඟ ඇලෙප්පෝ හි රෝහලකට ද ගිය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තුර්කිය සහ සිරියාව පුරා ප්‍රබල පසු කම්පන කිහිපයක් සමඟ සඳුදා ඇති වූ රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාව, මෙම සියවසේ හත්වන මාරාන්තික ස්වභාවික ව්‍යසනය ලෙසටයි ශ්‍රේණිගත කර ඇත්තේ.

1999 වසරේ දී වයඹදිග තුර්කියේ ඇති වූ මෙවැනිම දරුණු භූමිකම්පාවකින් 17,000 කට වැඩි පිරිසක් මරණයට පත්වුණා.

මේ අතර සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ රජයේ සීමාවන් හරහා කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල විපතට පත් වූවන්ට ජාත්‍යන්තර ආධාර යැවීමට රජය අවසර ලබා දී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඔවුන් හැකි ඉක්මනින් කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවලට වැඩි ආධාර ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන බවයි.

සිරියාවේ පමණක් මිලියන 5.3ක පමණ පිරිසකට නිවාස අහිමි වන්නට ඇතැයි සැක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29