භානුකගේ වේගවත් පිති හරඹයෙන් පංජාබ් පිළට ජය

භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ වේගවත් ඉනිමෙන් ශක්තිමත් වෙමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මයාන්ක් අගාර්වල්ගේ නායකත්වයෙන් යුත් පංජාබ් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 205ක්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඩු ප්ලෙසිස් පන්දු 57කින් වේගවත් ලකුණු 88ක් රැස් කළේ හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගින්.

විරාට් කෝලි පන්දු 29කින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. දිනේෂ් කාර්තික් පන්දු 14කින් ලකුණු 32ක් නොදැවී වාර්තා කිරීමට සමත් වුණා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින්.පන්දු යැවීමේ දී අර්ශ්දීප් සිං හා රාහුල් චහාර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(208/5)

ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට නායක මයාන්ක් අගාර්වල් හා ශිකර් ධවාන් සමත් වුණේ පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවයක් ගොඩ නගමින්. එම සබදතාවය බිද දැමුවේ වනිදු හසරංග විසින්.

වනිදු මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවෙන්ම ලකුණු 32ක් ලබා සිටි අගාර්වල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ශිකිර් ධවාන් ලකුණු 43(29)යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනය සදහා තවදුරටත් මග විවිර කර දීමට භානුක රාජපක්ෂ සමත් වුණේ පන්දු 22කින් ලකුණු 43ක් රැස් කරමින්. හයේ පහර 4කින් හා හතරේ පහර 2කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 19කට දැවී ගියා. පංජාබ් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ෂාරුක් ඛාන් හා ඔඩියන් ස්මිත් පිළිවෙලින් ලකුණු 24ක් හා ලකුණු 25ක් නොදැවී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් දවා ගත් අතර, වනිදු හසරංග, ආකාෂ් දීප් හා හර්ෂාල් පටෙල් කඩුල්ල බැගින් බිද හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52