spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ 300ක ආනයන සීමා සති අන්තයේදී ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සති අන්තයේ ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව මේවන විට 1216ක් දක්වා අඩු වී ඇති බවයි.

අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ පැවති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය විවිධ තීන්දු ක්‍රියාත්මක කළ බවයි.

බහුතර ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ගනු ලැබූ මෙම තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවදුරටත් අපහසුතාවට පත්වූ අතර නව බදු හඳුන්වාදීම පොලී අනුපාත ඉහළ නැංවීම මෙන්ම ආනයන සීමා පැනවීමට රජය පියවර ගනු ලැබුවේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීම මෙන්ම විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බව ඔහු පෙන්වා දුන්නා.

Ranjith Siyambalapitiya
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?