භාණ්ඩ 150ක ආනයන සීමා ඉවතට ?

ඉදිරි මාස හතර ඇතුළත භාණ්ඩ වර්ග 100ක සිට 150ක් පමණ දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙය සිදුවනු ඇත්තේ එම භාණ්ඩ විනිමය අනුපාත, විදේශ සංචිත හෝ උද්ධමනය කෙරෙහි සෘණාත්මකව බල නොපාන්නේ නම් පමණක් බවටයි සඳහන් වන්නේ.

වාහන ආනයනය තවදුරටත් සීමා කෙරෙනු ඇති අතර වාහන ආනයනයට ඉඩ දීමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් ගලා යාමට හේතු වනු ඇතැයි සඳහන්.

ආනයන සීමා ඉවත් කළ හැකි භාණ්ඩ අතරට පරිගණක, ජංගම දුරකථන සහ රූපවාහිනී වැනි ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්ම ගෘහ උපකරණ, ලිපි ද්‍රව්‍ය, ආහාර, ඇඳුම් පැළඳුම්, සම් නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, වාහන අමතර කොටස් සහ විවිධ අමුද්‍රව්‍ය ඇතුළත්.

කර්මාන්ත, කෘෂිකාර්මික උපකරණ, නානකාමර සවිකිරීම් සහ සෙරමික් ටයිල්, ද ආනයන සීමා ඉවත් කළ හැකි භාණ්ඩ අතරට අයත් බවයි වාර්තා වන්නේ.

වාහන ආනයන තහනම අවම වශයෙන් තවත් වසරක්වත් පවතිනු ඇති බවට භාණ්ඩාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

වාහන ආනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන දෙකක්වත් විදේශයන්ට ගලා යන බැවින් වාහන ආනයන සීමාව පවතිනු ඇති අතර වාහන ආනයනය එය විදේශ සංචිතවලට බලපෑමක් ඇති කරන බවයි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

සීමා ඉවත් කරන භාණ්ඩ ප්‍රමාණය මහ බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය විසින් සකස් කරනු ඇති බව වාර්තා වනවා.

ආනයන තහනම් ඉවත් කිරීමේ අරමුණ වනුයේ භාණ්ඩ සඳහා කළු කඩයක් නිර්මාණය වීම වැළක්වීම වෙනුවෙන් බව සඳහන්.

කෙසේ වෙතත්, ආනයනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නොවන බවට සහතික කිරීම සඳහා දැඩි අධීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර අවශ්‍යතාවයක් මතුවුවහොත් එම සීමාවන් නැවත පැනවිය හැකි බව නිලධාරීන් පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙම සතියේ ණය පහසුකමක් අනුමත කිරීමෙන් පසුව මෙම පියවරට එළඹීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට වාහන ඇතුළු භාණ්ඩ 1500කට පමණ ආනයන සීමා පනවා තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අනෙකුත් ණය දෙන ආයතන සහ පරිත්‍යාගශීලී රටවලින් තවදුරටත් ණය අපේක්ෂා කරනවා.

ජුලි මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් ද දෙසැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද අපේක්ෂිත අරමුදල් අතරට අයත්.

සමාජ සුබසාධන වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ලෝක බැංකු ණය පහසුකමක් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතිනවා.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JAICA), චයිනා එක්සිම් බැංකුව සහ ලෝක බැංකු ව්‍යාපෘතිවල ණය සැප්තැම්බර් මාසයෙන් පසුව ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02