spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ 150ක ආනයන සීමා ඉවතට ?

ඉදිරි මාස හතර ඇතුළත භාණ්ඩ වර්ග 100ක සිට 150ක් පමණ දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙය සිදුවනු ඇත්තේ එම භාණ්ඩ විනිමය අනුපාත, විදේශ සංචිත හෝ උද්ධමනය කෙරෙහි සෘණාත්මකව බල නොපාන්නේ නම් පමණක් බවටයි සඳහන් වන්නේ.

වාහන ආනයනය තවදුරටත් සීමා කෙරෙනු ඇති අතර වාහන ආනයනයට ඉඩ දීමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් ගලා යාමට හේතු වනු ඇතැයි සඳහන්.

ආනයන සීමා ඉවත් කළ හැකි භාණ්ඩ අතරට පරිගණක, ජංගම දුරකථන සහ රූපවාහිනී වැනි ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්ම ගෘහ උපකරණ, ලිපි ද්‍රව්‍ය, ආහාර, ඇඳුම් පැළඳුම්, සම් නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, වාහන අමතර කොටස් සහ විවිධ අමුද්‍රව්‍ය ඇතුළත්.

කර්මාන්ත, කෘෂිකාර්මික උපකරණ, නානකාමර සවිකිරීම් සහ සෙරමික් ටයිල්, ද ආනයන සීමා ඉවත් කළ හැකි භාණ්ඩ අතරට අයත් බවයි වාර්තා වන්නේ.

වාහන ආනයන තහනම අවම වශයෙන් තවත් වසරක්වත් පවතිනු ඇති බවට භාණ්ඩාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

වාහන ආනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන දෙකක්වත් විදේශයන්ට ගලා යන බැවින් වාහන ආනයන සීමාව පවතිනු ඇති අතර වාහන ආනයනය එය විදේශ සංචිතවලට බලපෑමක් ඇති කරන බවයි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

සීමා ඉවත් කරන භාණ්ඩ ප්‍රමාණය මහ බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය විසින් සකස් කරනු ඇති බව වාර්තා වනවා.

ආනයන තහනම් ඉවත් කිරීමේ අරමුණ වනුයේ භාණ්ඩ සඳහා කළු කඩයක් නිර්මාණය වීම වැළක්වීම වෙනුවෙන් බව සඳහන්.

කෙසේ වෙතත්, ආනයනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නොවන බවට සහතික කිරීම සඳහා දැඩි අධීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර අවශ්‍යතාවයක් මතුවුවහොත් එම සීමාවන් නැවත පැනවිය හැකි බව නිලධාරීන් පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙම සතියේ ණය පහසුකමක් අනුමත කිරීමෙන් පසුව මෙම පියවරට එළඹීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට වාහන ඇතුළු භාණ්ඩ 1500කට පමණ ආනයන සීමා පනවා තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අනෙකුත් ණය දෙන ආයතන සහ පරිත්‍යාගශීලී රටවලින් තවදුරටත් ණය අපේක්ෂා කරනවා.

ජුලි මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් ද දෙසැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද අපේක්ෂිත අරමුදල් අතරට අයත්.

සමාජ සුබසාධන වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ලෝක බැංකු ණය පහසුකමක් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතිනවා.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JAICA), චයිනා එක්සිම් බැංකුව සහ ලෝක බැංකු ව්‍යාපෘතිවල ණය සැප්තැම්බර් මාසයෙන් පසුව ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?