බෞද්ධ ශාසනික ඉතිහාසයේ සන්ධිස්ථාන සටහන් වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි – දසත බෝපත අද දිවුලපිටියේ දී

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (10) දිනට යෙදී තිබෙනවා.

තථාගත ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය මෙනෙහි කරමින් අද ලක්වාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීම සිදු වනවා.

ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් ම තිබෙන බවයි බෞද්ධ ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනක දී වීමත් විශේෂත්වයක්.

එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේ ද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේ දී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය (දම්සක් පැවතුම් සූත්‍රය) දේශනා කොට වදාළේ ද ඇසළ පොහොය දිනයකයි.

ඊට අමතරව;

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේ දී මහා පෙළහර පෑම, මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම, කොණ්ඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම, ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එළැඹ මූලික කටයුතු ඇරඹීම, ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදු වූයේද ඇසළ පොහෝ දිනයකයි.

විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේ ද (පෙර වස් විසීම) ඇසළ පොහෝ දිනටයි.

බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම, මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භ ද අද වන් උතුම් පුන් පොහෝ දිනක සිදු වූ බව සඳහන්.

මේ අතර දසත මාධ්‍ය නාලිකාව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ‘දසත බෝපත’ පින්කම් මාලාවේ ඇසළ පොහෝ පින්කම් දිවුලපිටිය පොලිස් ස්ථානයේ දී පැවැත්වෙනවා.

ඒ මීගමුව පොලිස් අධිකාරී කාර්‍යාලය හා දිවුලපිටිය පොලිසියේ සංවිධාන ශක්තියෙන්.

ඒ අනුව දසත බෝපතට සමගාමී ව අද දිනය පුරා දිවුලපිටිය පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී එම පින්කම් මාලාව සිල් සමාදන් කිරීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03