බෝධියාවත්තේ වෙඩික්කරු යැයි සිතා පොලිසිය තරුණයෙකුට පහරදීලා

පසුගිය දෙසැම්බර් 30 වනදා රාත්‍රියේ කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සොයා පොලිස් විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 16ක දැරියකට බරපතළ තුවාල සිදු වුණා.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පෙරේදා (03) දිනයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය පතමින්, වෙඩික්කරුගේ රුවට සමානව අඳින ලද ඡායාරූපයක් පොලිසිය ප්‍රසිද්ධියට පත් කළා.

එවන් තත්ත්වයක වෙඩික්කරුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගෙන බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට පුද්ගලයෙක් චෝදනා කරනවා.

දැරණියගල ප්‍රදේශයේ පදිංචි ළහිරු මධුසංඛ නැමැති පුද්ගලයෙක් මෙලෙස චෝදනා එල්ල කරන අතර, මෙම පුද්ගලයා දැරණියගල ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන යන තරුණයෙක්.

තමන් පසුගිය ජනවාරි පළමු වනදා අවශ්‍යතාවයක් වෙනුවෙන් කොළඹට පැමිණි බවත්, එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිටි බවයි ඔහු පවසන්නේ.

ඊට පසුදින උදෑසන පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවසට පැමිණ තමාගෙන ප්‍රශ්න කර දුරකථනය ද පරීක්ෂා කළ බවත්, පසුව තම කැමැත්තෙන්ම ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය බවයි ඔහු සඳහන් කරන්නේ.

එලෙස ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසියට ගිය අවස්ථාවේ දී එම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඡායාරුපයක් පෙන්වා එහි සිටින්නේ තමන් බවට වරදවා වටහාගෙන තමන්ට පහර දුන් බවයි ඔහු චෝදනා කරන්නේ.

දින දෙකක කාලයක් පොලිස් ස්ථානය තුළ තමන්ව රඳවා තබාගෙන පෙරේදා (03) දිනයේ නිදහස් කළ බව එම තරුණයා පවසනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවත්, නමුත් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අදාළ පුද්ගලයා බෝධියාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ පොලිසිය විසින් සොයන වෙඩික්කරු නොවන බවට හඳුනාගත් බවයි.

ඒ, අනුව ඔහුව බොරැල්ල පොලිසිය විසින් පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06