බොරුවක් ගිය දුරක් – තෙල් පෝලිමට හේතුව ඇමති කියයි

ඊයේ (20) රාත්‍රියේ සිට එළැඹෙන 30 උදෑසන දක්වා රට වසා දැමීමට ජනපති තීරණය කලා.

ඒ පවතින කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම නිසා විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම මත.

ඒ සමගම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව එක්රොක් වුණ අතර ඒ සියල්ලටම වඩා අවධානය යොමු වුණේ මුළු රට පුරාම තිබූ දීර්ඝ ඉන්ධන පෝලිම් වෙතයි.

තෙල් හිඟයක් ගැන බියක්

රටේ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි යන බිය මත මහ රෑ වනතුරු වාහන හිමියන් ඉන්ධන හල් පෝලිම්වල හිටියේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් තොරතුරු විමසුවා.

එහිදී ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ රටේ කිසිදු තෙල් හිඟයක් නොමැති බවයි.

අසත්‍යය ප්‍රකාශයකට ප්‍රසිද්ධිය දීම

විශ්‍රාම ගිය තෙල් සංස්ථා සේවකයකු තෙල් හිඟයක් ඇති වන බවට කළ අසත්‍යය ප්‍රකාශයකට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබීම නිසා මෙවැනි තෙල් පෝලිම් ඇතිවූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ ආකාරයට තෙල් පිරවුම් හල් වලින් වාහන තෙල් ගැසීම නිසා එම පිරවුම්හල් වල මේ වන විටත් තෙල් අවසන් වීම මත එම පිරහුම් හල්වල නම් තෙල් හිඟයක් ඇති විය හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16