බෙහෙත් ගන්න ලංකාවට ඩොලර් එවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවිය. එහිදි හෙතෙම පැවසුවේ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුධයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බවයි

වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුධය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඇය සදහන් කළ බව එම නිවේදනයේ දැක්වේ.ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහාය අගය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් රැසක් දක්වන සහයෝගය ද මෙහිදී අගය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?