spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බූරු මූණා මානසික වෛද්‍යවරයෙක් හමුවට

පොලිස් අත්අඩංගුවෙන් පළා යාම සහ ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 20 වනදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට පැවසීමෙන් අනතුරුවයි ඔහු අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ.

විනාඩි 20ක පමණ ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබා ගන්නා ලෙස පවසා තිබෙනවා.

පසුගිය 17 වැනි දින සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව
හංවැල්ල ප්‍රදේශයේ දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක ප්‍රමාණයක් සොයා ගැනුණා.

ඒ අනුව සැකකරු ත්‍රස්තවාදී සංවිධානයක් සමග සබඳතා පවත්වන්නේ ද යන්න සොයා බැලීම සඳහා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අවසර ලබාගෙන ඇත්තේ.

සැකකරු මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිසියක විශේෂ සිර මැදිරියක රඳවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?