spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බූරු මූණාට ආධාර අනුබල දුන් හිමිවරු දෙදෙනා ඇතුළු හත්දෙනා තවදුරටත් රිමාන්ඩ්

කටුනායක, ගුවන්තොටුපොළ පොලිස් අත්අඩංගුවේ සිටියදී ‘බූරු මූණා’ නැමැති පාතාල සාමාජිකයාට පලායෑමට ආධාර අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම, පලායාමට ප්‍රවාහන පහසුකම් සැපයීම සහ රැකවරණය ලබාදී සඟවා තබා ගැනීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හිමිවරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනාව ලබන 04 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස අධිකරණය අද (31) නියෝග කළා.

මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් සියන් තිසේරා විසින් මෙම නොයෝගය නිකුත් කළ අතර, කටුනායක පොලීසියෙන් නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂක ජිනප්‍රිය මුදන්නායක පැමිණිල්ල මෙහෙය වනු ලැබුවා.

නීතීඥ දන්ත නිරංජන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු ඝාතන 09ක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි වර්ණ රංගන හෙවත් ‘බූරු මූණා’ නැමැති පාතාල වෙඩික්කරු කටුනායක ගුවන් තොටුපොළින් විදේශ ගතවීමට සූදානම් වූ අවස්ථාවේ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහු ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබුනු අතර, පසුගිය පෙබරවාරි මස 24 වෙනිදා රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරු 25 වනදා අලුයම ගුවන්තොටුපල පොලිසියෙන් පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?